රාජ්‍ය ඇමතිකම් ගන්නත් තරඟයක්

රාජ්‍ය අමාත්‍යධූර ලබා ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් අතර තරඟයක් පවතින බව රජයේ ආරංචි මාර්ග පවසයි.
රාජ්‍ය අමාත්‍යවරුන් කොපමණ පිරිසක් පත් කරන්නේද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති අතර එය විස්සකට හෝ විසිපහකට පමණ සීමා කෙරෙනු ඇතැයිද වාර්තාවේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තවත් මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු ආණ්ඩුවට සම්බන්ධ වීමට නියමිතව තිබෙන අතර ඔවුන් සිව්දෙනාටද රාජ්‍ය අමාත්‍යයධුර හිමිවීමට ඉඩ ඇති බව දැනගන්නට ලැබේ.
රාජ්‍ය අමාත්‍යවරුන් මේ සතියේදී දිවුරුම්දීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තාවේ.
කැබිනට් අමාත්‍යයවරුන් පත් කිරීමේදීද ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් අතර දැඩි තරඟයක් හටගෙන තිබූ අතර ,කැබිනට් අමාත්‍යධූර නොලැබුණු පිරිසක් කලකිරීමට පත්ව සිටින බවද දැනගන්නට ඇත.
599 Views
Comments