ලෝක පරිසර දිනය අදයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
05

ලෝක පරිසර දිනය අදයි

ලෝක පරිසර දිනය අදයි

 

ලෝක පරිසර දිනය අදට යෙදී තිබේ.

 

මෙවර එහි තේමාව – එකම පෘථිවියක්- යන්නයි.

 

1972 වසරේ ස්විඩනයේ ස්ටෝක්හෝම් නුවර පැවති ගෝලීය සමුළුවකදී ප්‍රථමවරට පරිසරය හා සංවර්ධනය සම්බන්ධයෙන් ලෝකයේ අවධානය යොමුවිය.

 

එම වසරේ අගභාගයේ ආරම්භ කළ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනට වසර 50ක් සපිරෙයි.

 

ලෝක පරිසර දිනය ලෙස ජුනි මස 05 වැනිදා නම් කරනු ලැබුවේ 1974 වසරේදී ය.

 

ලෝක පරිසර දිනය වෙනුවෙන් පැල සිටුවීම්, වෙරළ පිරිසිදු කිරීම් ඇතුළු වැඩසටහන් කිහිපයක් අද ක්‍රියාත්මක වේ.

views

670 Views

Comments

arrow-up