“යළ කන්නයටත් පොහොර නෑ” - කෘෂිකර්ම ඇමති

යළ කන්නයට ගොවීන්ට දීමට මේ දක්වා ආණ්ඩුව පොහොර ගෙනවිත් නොමැති බවත් යළ කන්නට පොහොර දීමට හැකිවේ යැයි තමා විශ්වාස නොකරන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවැසීය.
යළ කන්නයේ උපරිමයෙන් 50%ක අස්වැන්නත් බලාපොරොත්තු වියහැකි බව කී අමාත්‍යවරයා ඇත්ත වශයෙන්ම යළ කන්නයට මහන්සිවීමෙන් ප්‍රතිඵලයක් නොමැති බවත් කියා සිටියේය.
ඒ හේතුවෙන් දැන් සිටම මහ කන්නයවත් සාර්ථක කරගැනීමට උත්සහ කළ යුතු බවත් ලෝක ආහාර අර්බුදයක් ඇති වන බවට විවිධ පුද්ගලයින් ඉඟිපළකර තිබීම හේතුවෙන් වෙනත් රටවල් පොහොර දීම අත්හිටුවා ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
පොහොර 65,000ක් අමාත්‍යංශය බාරගත් පසු බෙදීමට පමණක් ඇති බව සිතා සිටියද එවැන්නක් නොමැති බව කී අමාත්‍යවරයා පැවසුවේ ඇත්ත කථා කරන්නේ නම් මේ වන තෙක් ආණ්ඩුවෙන් පොර හොන්ඩරයක් ගෙනවිත් හෝ නැවකට පටවා හෝ නොමැති බවත්ය.
රනිල් වික්‍රමසිංහ නොව සක්කරයාගේ පුතා වයිමා ආවත් මාස තුනක් යනවිට බරපතල තත්වයකට පත්වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් පැවසීය.
577 Views
Comments