සිරුරේ දෝෂ ඉවත් කරනවා යැයි පවසා බාලවයස්කාරිය කෙලෙසූ යක්දෙස්සා රිමාන්ඩ්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
30

සිරුරේ දෝෂ ඉවත් කරනවා යැයි පවසා බාලවයස්කාරිය කෙලෙසූ යක්දෙස්සා රිමාන්ඩ්

සිරුරේ දෝෂ ඉවත් කරනවා යැයි පවසා බාලවයස්කාරිය කෙලෙසූ යක්දෙස්සා රිමාන්ඩ්

සිරුරට වැළඳුනු දෝෂ ඉවත් කිරීමට යැයි පවසා දහසය හැවිරිදි බාලවයස්කාර දැරියකට අතවර සිදු කල කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරයෙකු අගෝස්තු මස 04 වන දින දක්වා බන්ධනාගාර ගත කිරීමට අතිරේක මහෙස්ත‍්‍රාත් පවිත‍්‍රා සංජිවනී පතිරණ මහත්මිය නියෝග කළාය.


 
 50 හැවිරිදි අස්ගිරිය මුදියන්සේලාගේ වණිගරත්න නමැති සැකකරුවෙක්  මෙසේ රිමාන්ඩ් බන්ධනාගාරගත කරනු ලැබිණි.


 
  පොලිසිය කියා සිටියේ දැරියගේ පියා නොමැති අතර වෙනත් පුද්ගලයෙකු විසින් මෙම දැරියව සැකකරුට හඳුන්වා දී ඇති බවයි. පසුව ඉකුත් 27වන දින උදේ ඇයගේ නිවසට ගොස් ඇති සැකකරු නිවසටත් ඇයටත් දෝෂ තිබෙන බව පවසා ඒවා නැති කිරීමට ශාන්ති කර්මයක් කිරීමට අවශ්‍ය බව පවසා ඇත.


 
 පසුව ඇයට ශාන්ති කර්මය කරන අවස්ථාවේ සැකකරු විසින් තමාට කරන ලද අතවර පිළිබඳව මවට පැවසීමෙන් පසු නිවැසියන් සැකකරු අල්ලා පොලිස් හදිසි ඇමතුම් අංශයට (119) කල දැනුම්දීමක් මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

views

2094 Views

Comments

arrow-up