සංචරණය සීමා ඉවත් කිරීමෙන් පසු බස් රථ ධාවනය වෙන්නේ මෙහෙමයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
19

සංචරණය සීමා ඉවත් කිරීමෙන් පසු බස් රථ ධාවනය වෙන්නේ මෙහෙමයි

සංචරණය සීමා ඉවත් කිරීමෙන් පසු බස් රථ ධාවනය වෙන්නේ මෙහෙමයි

දැනට පනවා ඇති සංචරණ සීමා එළඹෙන 21වන දා ඉවත් කිරීමට නියමිතයි. එලෙස සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු සීමිත බස්රථ සංඛ්‍යාවක් පළාත් තුළ ධාවනය කිරීමට පියවර ගන්නා බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

 

සෞඛ්‍ය අංශ විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශයන් පිළිබඳව බස් රථ හිමියන් සහ සේවකයින් දැනුවත් කර ඇති බවද එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.

 

මීට අමතරව බස් ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන්ද අදාල පාර්ශවයන් සමග සාකච්ඡා කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව ද ඔහු සඳහන් කළා.

 

 

 

 

 

 

 

 

source: hirunews

views

764 Views

Comments

arrow-up