රාජ්‍ය සේවයේ මහ පුටු පෙරළියක් ළඟදීම
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
13

රාජ්‍ය සේවයේ මහ පුටු පෙරළියක් ළඟදීම

රාජ්‍ය සේවයේ මහ පුටු පෙරළියක් ළඟදීම

රජයේ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු සඳහා පත් කර ඇති ලේකම්වරුන්, අතිරේක ලේකම්වරුන්, සංස්ථා සභාපතිවරුන්, අධ්‍යක්ෂවරුන් සහ ආයතන ප්‍රධානියා පනවා ඇති සංචරණ සීමා වලට මුවාවී හිතාමතාම රාජකාරි කටයුතු පැහැර හරිමින් සිටින බවත්, ඔවුන් වෙත පවරා ඇති වගකීම් නිසියාකාරව ඉටු නොකරන බවත් අදාල අමාත්‍යාංශ දෙපාර්තමේන්තු භාර ඇමතිවරුන් විසින් ජනාධිපතිවරයාට පැමිණිලි කර තිබෙනවා.

 

රාජ්‍ය අංශයේ විධායක නිලධාරීන් සඳහා නිල වාහන, ඉන්ධන, දුරකථන පහසුකම්, ඇතුළු වරප්‍රසාද රැසක් ලබාදී තිබියදී මේ අන්දමට රජය සංවර්ධන කටයුතු අඩාල කිරීමෙන් ඇතැම් නිලධාරින් හිතාමතාම කටයුතු කරන බව නාධිපතිවරයා හමු වූ අවස්ථාවේදී ඇමතිවරුන් ප්‍රකාශ කර තිබෙන බවට වාර්තා වනවා.

 

අමාත්‍යංශවලට ලේකම්වරුන් පත් කරන්නේ තමා බව පැවසූ ජනාධිපතිවරයා එලෙස වැඩ නොකරන ලේකම්වරුන් එම තනතුරුවලින් ඉවත් කර වෙනත් අය පත් කිරීමට මොහොතක් හෝ පසුබට නොවන බවත් ඒ හේතුවෙන් ම්කිසි ඇමතිවරයෙකුට තමාගේ අමාත්‍යංශයට පත්කර ඇති ලේකම්වරයෙකු හෝ නිලධාරියෙකු සුදුසු නොවන බව හැඟුනහොත් ඒ පිළිබඳව ලිඛිතව ලිපියක් මගින් දැනුම් දෙන ලෙසත් ජනාධිපතිවරයා අමාත්‍යවරුන්ට දැනුම් දී තිබෙනවා.

 

ඉවත් කළ යුතු නිලධාරීන්ගෙන් නම් කඩිනමින් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා මෙහිදී දැනුම්දී ඇති අතර සෞභාග්‍යයත් දැක්ම වැඩසටහන යටතේ ක්‍රියාවට නංවා ඇති සියලු සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් නිම කිරීමේ වගකීම නිලදාරීන් විසින් ඉටු නොකරන්නේ නම් එවැනි නිලධාරීන්ට එම ආයතන වලින් වහාම ඉවත් කර සුදුසු නිලධාරීන් පත් කරන බව ඇමතිවරුන්ට දැනුම් දී තිබෙනවා.

views

2825 Views

Comments

arrow-up