Phone එක පැය 24ම On එකේ තියා ගන්න - IGP ගෙන් OICලාට නියෝගයක්

සියළුම පොලිස් ස්ථානාධිපතිවරුන් හා ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදන නිලධාරීන් ඕනෑම අවස්ථාවකදී සම්බන්ධ කරගත හැකි වන පරිදි ඔවුන්ගේ සියලුම නිල ජංගම දුරකථනය පැය 24 පුරාම සක්‍රීයව තබා ගත යුතු බව පොලිස්පතිවරයා දිවයිනේ සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට හා රාජ්‍ය නිවේදන නිලධාරීන්ට නියෝග කර තිබේ.
පොලිස්පතිවරයා මෙසේ නියෝග නිකුත් කර ඇත්තේ ඇතැම් ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිවේදිත නිලධාරීන් පොලිස් ස්ථානාධිපතිවරුන් හා ඇතැම් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් සිය රාජකාරී දුරකථන ක්‍රියා විරහිත කර හෝ ශබ්දය නොඇසෙන ලෙස තැබීම හේතුවෙන් එම දුරකථන වලට ගන්නා ඇමතුම් මගහැරී යන බව නිරීක්ෂණය වී ඇති හෙයින් බවද වාර්තා වෙයි.
රට තුළ මහජන සාමය පවත්වාගෙන යෑම යම් අවදානම් සහගත තත්ත්වයකට පත්ව ඇති හෙයින් මෙම වකවානුවේදී සිය නිල ජංගම දුරකථනය පැය 24 පුරා සෑම අවස්ථාවකදීම සක්‍රිය කරගත යුතු බව පොලිස්පතිවරයා දන්වා තිබේ.
එම පැය 24 පුරා ඕනෑම අවස්ථාවකදී ලැබෙන දුරකථන ඇමතුම් වලට අදාල නිලධාරීන් පිළිතුරු සැපයිය යුතු බව ද පොලිස්පතිවරයා සියලුම ස්ථානාධිපතිවරුන්ට හා රාජ්‍ය නිවේදන නිලධාරීන්ට දැනුම් දී තිබේ.
සියලුම ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත නිලධාරීන් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් හා ස්ථානාධිපතිවරුන් ඇතුළු ආරක්ෂක අංශ භාර නිලධාරීන් වෙත පොලිස් දෙපාර්තමේන්තුව විසින් මේ වනවිටත් නිල දුරකථන සිම්පත් නිකුත් කර තිබේ.
1841 Views
Comments