බ්‍රිතාන්‍යයේ නව කොවිඩ් වෛරස් ප්‍රභේදයට එරෙහිව ඇස්ට්‍රා සෙනෙකා එන්නත සාර්ථකයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
14

බ්‍රිතාන්‍යයේ නව කොවිඩ් වෛරස් ප්‍රභේදයට එරෙහිව ඇස්ට්‍රා සෙනෙකා එන්නත සාර්ථකයි

බ්‍රිතාන්‍යයේ නව කොවිඩ්  වෛරස් ප්‍රභේදයට එරෙහිව ඇස්ට්‍රා සෙනෙකා එන්නත සාර්ථකයි

මෙරට භාවිත කරන ඔක්සෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත්  නව කොවිඩ්  වෛරස් ප්‍රභේදයට එරෙහිව යහපත් ප්‍රතිචාර දක්වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසනවා

 

බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් B.1.1.7 නම් කොවිඩ් නව වෛරස ප්‍රභේදය කොළඹ, අවිස්සාවේල්ල, බියගම සහ වව්නියාව යන ප්‍රදේශවලින් ද හඳුනා ගත්තා.

 

වැඩි දුරටත් අදහස් දැක්වූ එම මහත්මිය , “එංගලන්තය සහ බටහිර රටවල් මේ ප්‍රභේදය නිසා සෑහෙන්න බැට කෑවා. 45,000ක් 60,000ක් විතර සමහර දවස් වල එංගලන්තයේ ආසාදිතයන් හමුවුනා එංගලන්තයේ ගියාට ඒ සීඝ්‍රතාවයෙන්ම ලංකාවේ ව්‍යාප්ත වෙයිද කියලා අපි දන්නේ නෑ. තවමත් 99%ක් රට තුළ පවතින්නේ සාමාන්‍ය කොවිඩ් වෛරස ප්‍රභේදය.

 

සතුටුයි කියන්න, ඇස්ට්‍රා සෙනෙකා සහ ෆයිසර් එන්නත් දෙකම නව ප්‍රභේදයට යහපත් ප්‍රතිචාර දක්වනවා. නමුත් දකුණු අප්‍රිකානු ප්‍රභේදයට එන්නත් වැඩකරනවා අඩුයි. අපි හැම මාසෙම සති දෙකකට සැරයක් විශාල පරීක්ෂණ ප්‍රමාණයක් කරගෙන යනවා. මොනා හරි වෙනසක් මුලදිම දැනගන්න ලැබුණාම ඒ සම්බන්ධයෙන් පියවරක් ගන්න පහසුවෙනවා.”

views

531 Views

Comments

arrow-up