ඊයේ වැඩිම ආසාදිතයන් බදුල්ල දිස්ත්‍රික්කයෙන්

ඊයේ (06) දිනය තුළදී හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයින්ගෙන් වැඩිම පිරිසක් බදුල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
එම පිරිස 197 ක් වන අතර, එය ඌව පළාතෙන් කොරෝනා ආසාදිතයින් වැඩිම පිරිසක් වාර්තා වූ පළමු අවස්ථාවයි.
ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ
කොළඹ 116
ගම්පහ 101
කුරුණෑගල 88
මහනුවර 63
කළුතර 51
මාතර 22
අම්පාර 14
මාතලේ 14
ගාල්ල 13
හම්බන්තොට 09
නුවරඑළිය 06
කෑගල්ල 06
මන්නාරම 05
පුත්තලම 05
මොණරාගල 04
රත්නපුර 04
මඩකලපුව 03
වව්නියාව 02
යාපනය 01
අනුරාධපුර 01
පොළොන්නරුව 01
709 Views
Comments