තවත් 882කට සුවයි - මෙරට සුවය ලැබූවන් 57,000 ඉක්මවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
31

තවත් 882කට සුවයි - මෙරට සුවය ලැබූවන් 57,000 ඉක්මවයි

තවත් 882කට සුවයි - මෙරට සුවය ලැබූවන් 57,000 ඉක්මවයි

මෙරට කොරෝනා ආසාදිත සුවය ලැබූ සංඛ්‍යාව 57,000 ඉක්මවා ගොස් තිබෙනවා.

 

ඒ අද කොවිඩ් වෛරස් ආසාදිතයින් අතුරින් තවත් 882 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමඟයි.

 

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 57,159 දක්වා ඉහළ ගියා.

 

මේ වන විට මෙරට රෝහල් ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 5821 ක් වනවා.

 

මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 63, 293 ක්.

 

දෙවන කොවිඩ් රැල්ල ලෙස හඳුන්වන මිනුවන්ගොඩ-පෑලියගොඩ-බන්ධනාගාර කොවිඩ් පොකුරු ආශ්‍රිත ආසාදිතයින් 59 ,737 ක් ලෙස වාර්තා වනවා.

 

දිවයිනෙන් දැනට වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 313 ක්.

 

views

649 Views

Comments

arrow-up