බස්නාහිර පාසල් 907ක් හෙට සිට යළි විවෘත වෙයි

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා බස්නාහිර පළාත තුළ හුදකලා කර ඇති ප්‍රදේශ හැර අනෙකුත් ප්‍රදේශවල පාසල් නැවත විවෘත කිරීමට නියමිතව තිබෙනවා.
බස්නාහිර පළාතේ පාසල් 907 ක් හෙට දිනයේ මෙලෙස ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ.
එලෙස පාසල් විවෘත කෙරෙන ප්‍රදේශ වල උපකාරක පන්ති පැවැත්වීමට ද හෙට දිනයේ සිට අවසර හිමිව තිබෙනවා.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාප්‍රකාශ කළේ සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ආකාරයෙන් අනුගමනය කරමින් උපකාරක පන්ති පැවැත්වීම සඳහා මෙම අවසරය ලබාදී ඇති බවයි.
එම උපකාරක පන්ති පැවැත්වීම ද මෙවර විභාග සදහා පෙනී සිටින සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසුන් සඳහා පමණක් සීමා කරන ලෙසද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයා වැඩිදුරටත් සඳහන් කළා.
689 Views
Comments