වත්තල පැය 18 ක් ජල සැපයුම අත්හිටුවයි

හෙට දිනයේ රාත්‍රී 10.00 සිට අඟහරුවාදා පස්වරු 4.00 දක්වා පැය 18ක කාලයක් වත්තල ප්‍රදේශයේ හේකිත්ත, පල්ලියවත්ත, වැලිඅමුණ පාර, බලගල , ගලහා දූව මරදාන පාර, ඇළ කන්ද හා හැඳල පාරේ කොටසක ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසනවා.
ඒ හේකිත්ත මාර්ගයේ ජල නල අලුත්වැඩියාවක් සිදු කිරීම හේතුවෙන් බවයි එම මණ්ඩලය සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් තොරතුරු විමසීමට අවශ්‍ය නම් 1939 දුරකථන අංකයෙන් වැඩි විස්තර ලබාගත හැකියි.
578 Views
Comments