පුංචි ලෝකාන්තයෙන් තරුණයෙකු අතුරුදන් !

ඊයේ රාත්‍රියේදී මඩොල්සිම පුංචි ලෝකාන්තයේ සංචාරය කළ පුද්ගලයෙකු අතුරුදන් වී ඇති බව මඩොල්සිම පොලිසිය පවසනවා.
දොළොස් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් සංචාරය සඳහා එක් වී ඇති අතර ඔවුන් කඳු මුදුනේ කඳවුරු බැඳ සිටීමට ගොස් තිබෙන අතර අධික වැසි සහිත කාලගුණය සහ දැඩි සීතල නිසා යළි ඔවුන් පැමිණි වාහනයට ගමන් කර තිබෙනවා.
එහිදී එක් පුද්ගලයෙකු අතුරුදන් වී ඇති බවයි පැවසෙන්නේ.
අතුරුදන් වී ඇති පුද්ගලයා කළුතර මග්ගොන ප්‍රදේශයේ පදිංචි මාධ්‍ය ආයතනයක ග්‍රැෆික් නිර්මාණ ශිල්පියෙකු බවයි වාර්තා වන්නේ.
ඔහු සෙවීම සඳහා මේ වන විටත් පොලිසියෙන් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
597 Views
Comments