රත්ගම සැකකටයුතු මරණ 2ක්

ඊයේ (06) දිනයේ දී රත්ගම පොලිස් වසමේ සැකකටයුතු ලෙස කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා
රත්ගම, රූපිවල, නිවසක් තුළ තනිව පදිංචිව සිටි අවුරුදු 75ක් වන කාන්තාවක් ලේ පැල්ලම් සහිතව සැකකටයුතු ලෙස මියගොස් ඇති බවට රත්ගම පොලීසියට ලද තොරතුරු මත විමර්ශන ආරම්භ කර තිබේ.
මේ අතර, රත්ගම, කෝවිල වත්ත ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට කැපුම් තුවාල සහිතව අවුරුදු 34ක් වන පුද්ගලයෙකු සැකකටයුතු ලෙස මියගොස් තිබෙනවා
මියගිය පුද්ගලයාගේ බඩ ප්‍රදේශයේ කැපුම් තුවාලයක් දක්නට ඇති අතර, එය මනුෂ්‍ය ඝාතනයක් ද යන්න පොලීසිය විමර්ශන කටයුතු සිදුකරයි.
එම මරණ දෙක පිළිබඳ ව ම රත්ගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
550 Views
Comments