දේශපාලන පළිගැනීම් කොමිසමේ වාර්තාව ක්‍රියාත්මක කිරීමට විශේෂ ජනාධිපති කොමිසමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
31

දේශපාලන පළිගැනීම් කොමිසමේ වාර්තාව ක්‍රියාත්මක කිරීමට විශේෂ ජනාධිපති කොමිසමක්

දේශපාලන පළිගැනීම් කොමිසමේ වාර්තාව ක්‍රියාත්මක කිරීමට විශේෂ ජනාධිපති කොමිසමක්

දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමා විසින් විනිසුරු තුන් දෙනෙකුගෙන් සමන්විත විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත්කර ති‌බේ. ඒ, අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ය.

 

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධම්මික ප්‍රියන්ත සමරකොන් ජයවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුත් එහි සෙසු සාමාජිකයින් වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ, අභියාචනාධිකරණ විනිසුරු රත්නප්‍රිය ගුරුසිංහ යන මහත්ම මහත්මීන් ය.

 

2015 ජනවාරි මස 08 වන දින සිට 2019 නොවැම්බර් 16 වන දින දක්වා කාලය තුළ දේශපාලන පළිගැනීම් පිළිබඳව පරීක්ෂා කර විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පසුගියදා ජනාධිපතිතුමාට භාර දුන්නේ ය.

 

එම වාර්තාවේ නිර්දේශ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එකී නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අනුමැතිය හිමිවිය.

 

අදාළ වාර්තාවට අනුව විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත්කර එම වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු යාන්ත්‍රණයක් නිර්මාණය කිරීම මෙම තීරණයේ අරමුණයි.

 

ඒ අනුව, මාස 03 ක් ඇතුළත විමර්ශන සිදුකර අවශ්‍ය නිගමනයන් හා නිර්දේශවලට අනුව ලබාදෙන දඬුවම් දක්වමින් අවසන් වාර්තාව හෝ අතුරු වාර්තාව තමන් වෙත ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට නියෝග කර තිබේ.

 

ඒ, සම්බන්ධයෙන් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභා වාර්තාවේ නිර්දේශ අනුව වගඋත්තරකරුවන්ට

 

01.ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි ලබාදී ඇති දිවුරුම කඩ කරමින් එකී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන උල්ලංඝණය කිරීම

 

02. බලය අනිසි ලෙස පරිහරණය කිරීම හෝ බලය අයථා පරිදි පාවිච්චි කිරිම, මැදිහත්වීම, වංචා කිරීම, දූෂණය, සාපරාධි සාවද්‍ය පරිහරණය , සාපරාධි විශ්වාසය කඩ කිරීම හෝ ඥාති සංග්‍රහය

 

03 යම් තැනැත්තෙකුගෙන් දේශපාලන වශයෙන් පළිගැනීම

 

04 යම් තැනැත්තෙකුගේ යම් පත්වීමක් දීමේදී හෝ මාරු කිරීමකදී , යම් උසස්වීමක් දීමේදී , සේවය අවසන් කිරීමේදී හෝ යම් අක්‍රමිකතාවක් , යම් ලිඛිත නීතියක් උල්ලංඝණය කිරීම සිදුකර තිබේ ද යන්න උක්ත වගඋත්තරකරුවන් එසේ වගකිවයුතු වන්නේ කොතරම් දුරකටද යන්න වග තවදුරටත් විමර්ශනය කර වාර්තා කිරීම ද මෙම කොමිසන් සභාවට පැවරෙන බවයි

 

ඊට අමතරව විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභා පනතේ 8වන වගන්තියේ විධි විධාන ප්‍රකාරව එම වාර්තාව අනුව යම් තැතැන්තෙකු ප්‍රජා අශක්නුතාවකට යටත් කළයුතු බැවින් එකී නිර්දේශ කිරීම පිණිස ද මෙම කොමිසන් සභාවට බලය පැවරෙන බව අදාළ අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන් ය.දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමා විසින් විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත්කර ති‌බේ.

 

 

 

 

views

524 Views

Comments

arrow-up