සුව ඇමතිනිය ගැන රාජ්‍ය ඇමතිනිය තැබූ ෆේස්බුක් සටහන
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
24

සුව ඇමතිනිය ගැන රාජ්‍ය ඇමතිනිය තැබූ ෆේස්බුක් සටහන

සුව ඇමතිනිය ගැන රාජ්‍ය ඇමතිනිය තැබූ ෆේස්බුක් සටහන

නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිඅරච්චි සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ තම ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුමේ විශේෂ සටහනක් තබා තිබෙනවා.

 

මේ එම සටහනයි,

 

” කොවිඩ් වෛරසය මිහිපිට ජීවත්වන ඕනෑම මනුෂ්‍යයෙකුට වැළදීමට ඉඩ ඇති ගෝලීය වශයෙන් පැතිර යන වසංගත රෝගී තත්වයකි.

 

එය අද මට හෙට ඔබට වැළදීමට ඉඩ ඇත. සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට පමණක් නොව විශේෂඥ වෛද්‍යවරුන්ට පවා වැළදී ඇති වෛරසය ඉතාම දියුණු යැයි පැවසෙන රටවල ලෝක නායකයින්ටද වැළදී ඇත. එබැවින් කොවිඩ් 19 ආසාදනය වීම ජාති, ආගම්, කුල, දේශපාලන, උස් මිටිකම් භේදයකින් තොරව ඔිනෑම අයෙකුට වැළදිය හැකි රෝගයක් බැවින් එම තත්වය තේරුම්ගෙන ඉන් ආරක්ෂාවීමට කටයුතු කිරීම ඔබ අප සියලුදෙනාගේම වගකීමය.

 

මේ මොහොතේදී සෞඛ්‍ය අමාත්‍ය ගරු පවිත්‍රා වන්නිආරච්චි මැතිණියටද වෛරසය ආසාදනය වී ඇති අතර කොවිඩ් මර්දන සටන වෙනුවෙන් කැපවූ ඇයට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමි.

 

 

views

887 Views

Comments

arrow-up