ඊයේ දිනය තුළ හදුනාගත් ආසදිතයන්ගේ තොරතුරු

ඊයේ දිනය තුළ සමස්ත ආසාදිතයින් 724 දෙනෙකු හඳුනා ගනු ලැබූ අතර මරණ දෙකක් ද වාර්තා වුණා.
ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ත ආසාදිතයින්ගේ ගණන 57,586 ක් වන අතර මරණ 280 දක්වා ඉහල ගොස් තිබෙනවා.
ඊයේ දිනය තුළ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් අතරින් වැඩිම පිරිසක් හඳුනා ගනු ලැබුවේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 197ක්.
ඊට අමතරව, මහනුවර ආසාදිතයින් 110ක් සහ ගම්පහ ආසාදිතයින් 106ක් හඳුනාගෙන ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිකුත් කළ දෛනික වාර්තාවේ දැක්වෙන්නේ.
මීට අමතරව, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් 311 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට හඳුනා ගැණුනා.
ඒ අනුව ඊයේ දිනය තුල කොරෝනා ආසාදිතයින් වාර්තා වූ දිස්ත්‍රික්ක,
කොළඹ 197
ගම්පහ 106
මහනුවර 110
කුරුණෑගල 40
ගාල්ල 38
රත්නපුර 31
කලුතර 28
මාතලේ 27
කෑගල්ල 24
මාතර 22
පුත්තලම 21
මන්නාරම 15
අම්පාර 13
හම්බන්තොට 12
වව්නියාව 09
පොළොන්නරුව 07
නුවරඑළිය 07
යාපනය 04
බදුල්ල 04
ත්‍රිකුණාමලය 03
මොණරාගල 02
අනුරාධපුර 01
කිළිනොච්චි 01
මුලතිවු 01
මඩකලපුව 01
743 Views
Comments