තනි පුද්ගල සහ කෙටි කාලීනව භාවිත වන ප්ලාස්ටික් මාර්තු 31 සිට තහනම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
31

තනි පුද්ගල සහ කෙටි කාලීනව භාවිත වන ප්ලාස්ටික් මාර්තු 31 සිට තහනම්

තනි පුද්ගල සහ කෙටි කාලීනව භාවිත වන ප්ලාස්ටික් මාර්තු 31 සිට තහනම්

එළඹෙන මාර්තු 31 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි තනි පුද්ගල භාවිතය සඳහා ගැනෙන සහ කෙටිකාලීනව භාවිතයට ගෙනෙන ප්ලාස්ටික් වර්ග භාවිතය තහනම් කර තිබෙනවා.

 

ජාතික පාරිසරික පනත 23ද(1)(අ) වැඩ වගන්තිය මගින් පරිසර අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මහින්ද අමරවීර මහතා විසින් එම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

 

එම ගැසට් නිවේදනයට අනුව ශුද්ධ පරිමාව මිලි ලීටර් 20 ට අඩු හෝ බර ග්‍රෑම් 20 ට අඩු හෝ ඊට සමාන සැෂේ පැකට්, හුලං පිරවිය හැකි සෙල්ලම් බඩු (බැලුම්, බෝල, දියමත පාවෙන පිහිනුම් තටාකවල දී භාවිත කරන සෙල්ලම් බඩු සහ ජල ක්‍රීඩා උපකරණ හැර) ප්ලාස්ටික් කුර සහිත කොට්න් බඩ් මාර්තු මස 31 වන දින සිට තහනම් වනු ඇති.

 

views

754 Views

Comments

arrow-up