සිසුන් අඩු දකුණේ පාසල් ඔක්. 15 සිට ඇරඹේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
01

සිසුන් අඩු දකුණේ පාසල් ඔක්. 15 සිට ඇරඹේ

සිසුන් අඩු දකුණේ පාසල් ඔක්. 15 සිට ඇරඹේ

දකුණු පලාත තුල ඇති සිසුන් 200 ට අඩු පිරිසක් සිටින පාසල් එළඹෙන ඔක්තෝම්බර් 15 වන දා විවෘත කිරීමට සැලසුම් කර ඇති බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් රංජිත් යාපා මහතා පවසනවා.

 

ඒ අනුව එලෙස ළමුන් 200 ට අඩු පාසල් 514ක් හඳුනාගෙන ඇති අතර ඒවා 15 වන ද  විවෘත කරනු ඇත.

 

මෙම පාසල් විවෘත කිරීමට පෙර පිරිසිදු කිරීමටත් විෂබීජහරණය කිරීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සැලසුම් කර ඇති අතර ඒ සඳහා  ප්‍රාදේශීය සභා සහ නගර සභා වල සහයෝගය ද ලබා ගැනීමට නියමිතයි.

views

1335 Views

Comments

arrow-up