බරවාහන රියැදුරු බලපත්‍ර ලබාගැනීමේදී මත්ද්‍රව්‍ය භාවිතා කළ බව ඔප්පු වුණොත් වෙන දේ

බර වාහන රියැදුරු බලපත‍්‍රයට අදාළ වෛද්‍ය සහතිකය ලබා ගැනීමට පැමිණි තිස් දෙනක්ගෙන් ලබාගත් මූත්‍රා සාම්පලවලින් මත්ද්‍රව්‍ය භාවිතා කළ බවට අනාවරණය වූ සිව්දෙනකු වෛද්‍ය පරීක්ෂණය අසමත් වී ඇති බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය සවීන්ද්‍ර ගමගේ මහතා ඊයේ(05) පැවසුවේය.
අසමත් වූ එම පුද්ගලයන් සිව්දෙනා යළි දින දාහතරකින් පරීක්ෂණයට යොමු කරන අතර එහිදී ද වෛද්‍ය පරීක්ෂණය අසමත් වුවහොත් දිවි ඇතිතෙක් බර වාහන රියැදුරු බලපත්‍රය ලබා ගැනීමේ හැකියාව අහිමි වන බව ද සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මත්ද්‍රව්‍ය භාවිතාකොට රිය පැදවීමේදී සිදුවන අනතුරු නිසා දෛනිකව වාර්තාවන ජීවිත හානි වැළැක්වීමේ අරමුණින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම මහතාගේ උපදෙස් මත මෙම නියාමන වැඩසටහන ක්‍රියාත්මක වන අතර එම ක්‍රමවේදය ඉදිරියේදී නීතිගත කිරීමටද පියවර ගන්නා බව පැවසේ.
බරවාහන රියැදුරු බලපත්‍රවලට අදාළ වෛද්‍ය සහතික ලබා ගැනීමේදී මත්ද්‍රව්‍ය භාවිතා කළ බවට අනාවරණය වුවහොත් ජීවිතාන්තයතෙක් රියැදුරු බලපත්‍ර අහෝසි වීමට නියමිතයි.
මෙම පියවර 2030 වන විට රිය අනතුරුවලින් කිසිදු මරණයක් හෝ වාර්තා නොවීමට ගත් තීරණයක් බව වෛද්‍ය සවීන්ද්‍ර ගමගේ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
871 Views
Comments