මුර්ඔය කොටියා ඝාතනය කර මස් කළ සැකකරුවන් තිදෙනාට ඇප

මුර්ඔය තේ වත්තේ මන්දක් අටවා කොටියෙකු අල්ලා මස් කර අලෙවිකළ සැකකරුවන් තිදෙනෙකු නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් විසින් පසුගිය 27 දින සැකපිට අත්අඩංගුවට ගැනුනා.
එම සැකකරුවන් ඉකුත් 28වන දින නුවරඑලිය, වලපනේ මහෙස්ත‍්‍රාත් ඊ.ආර්.එස්. ජිනදාස මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එක් සැකකරුවෙකුට රුපියල් ලක්ෂයක බැගින් වූ පුද්ගලික ශරීර ඇප තුනක් මත මුදාහැර යළි නඩුව සැප්තැම්බර් 07 දිනට කැඳවීමට මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.
මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවේ වලපනේ මුර්ඔය වතු යායේ පදිංචිකරුවන් තිදෙනෙක් වන අතර කොටියා ඝාතනයෙන් පසු එක් සැකකරුවෙකු තම මිත්‍රයෙකුට ඝාතනය කල සත්වයාගේ ඡායාරූපයක් යොමුකර තිබුණා. සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණේ ඒ අනුවයි.
පසුගිය 23 වන දින වලපනේ මුර්ඔය තේ වත්තේ මන්දක් අටවා තේ වත්තේ සැරිසරන අවු 04 පමණ වයසැති හොඳින් වැඩුණු පිරිමි කොටියෙකු අල්ලා ඝාතනය කර මස් කර අලෙවි කර තිබූ අතර ඝාතනය කල සත්වයාගේ ඡායාරූපය අනුව අත්අඩංගුවට ගැනීම සිදුකල බවයි නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ වනසත්ව අඩවි ආරක්ෂක ප‍්‍රභාෂ් කරුණාතිලක මහතා කියා සිටියේ.
867 Views
Comments