සියලුම වර්ගවල ලන්ච්ෂීට් තහනම් කෙරේ

ඊයේ පරිසර අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී සියලුම වර්ගවල ලන්ච්ෂීට් තහනම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
දැනට ලෝකයේ කිසිදු රටක් ලන්ච්ෂීට් භාවිතා නොකරන බව පෙන්වා දෙන අමාත්‍යවරයා ලන්ච් ෂීට් භාවිතා කරන එකම රට ශ්‍රී ලංකාව බව පවසා සිටියා.
ඉක්මනින් දිරාපත් වන ලන්ච්ෂීට් හඳුන්වාදෙන බවට සමාගම් ප්‍රකාශ කර තිබුණත් මේ දක්වා එම තීරණ ක්‍රියාත්මක නොවූ බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලා.
මෙරට වාර්ෂිකව ලන්ච්ෂීට් ටොන් 106ක් පමණ භාවිතාවන අතර ප්‍රධාන සමාගම් හතරක් විසින් මාසයකට ලන්ච්ෂීට් ටොන් හතත්, අටත් අතර ප්‍රමාණයක් නිපදවනු ලබනවා.
ඒ අනුව අවම වශයෙන් මිලියන 10 ඉක්මවූ ලන්ච්ෂීට් ප්‍රමාණයක් මෙරට දෛනිකව පරිසරයට බැහැර කෙරෙන බව දළ වශයෙන් තක්සේරු කර තිබෙනවා.
963 Views
Comments