ඩෙල්ටා ප්‍රභේදය ධීවරයින් අතර පැතිර යාමේ අවධානමක් - විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න (VIDEO)
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
15

ඩෙල්ටා ප්‍රභේදය ධීවරයින් අතර පැතිර යාමේ අවධානමක් - විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න (VIDEO)

ඩෙල්ටා ප්‍රභේදය ධීවරයින් අතර පැතිර යාමේ අවධානමක් - විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න (VIDEO)

සංචරණ සීමා නීතිය ක්‍රියාත්මක වෙද්දීත් ජනතාව හැසිරෙන ආකාරය අනුව එයින් සාර්ථක ප්‍රතිඵල නෙළාගත හැකි වේද යන සැකය මතුවන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණසේකර මහත්මිය ප්‍රකාශ කරනවා.

 

ඇය කියා සිටින්නේ මැතිවරණයකදී වයෝවෘද්ධ පුද්ගලයන් රෝගීන් ඇඳන් පුටුවල තියාගෙන ඔසවා ගෙන ඡන්ද මධ්‍යස්ථාන කරා ගෙනි යනවාක් මෙන් එන්නත ලබා ගැනීමට ද උනන්දු විය යුතු බවයි.

 

මෙම වසංගතය පාලනය කිරීම සෞඛ්‍ය අංශයට පමණක් තනිව කළ හැකි දෙයක් නොවන බවත් ජනතා සහයෝගය ද ඉතාම අවශ්‍ය බවත් විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දෙනවා.

 

ඇය සඳහන් කරන්නේ තවමත් මෙහි භයානකත්වය පහව ගොස් නැති අතර සංචරණ නීති ක්‍රියාත්මක කාලය තුළ රෝගීන් සහ මරණ සංඛ්‍යාවේ අඩුවීමක් දැකගත හැකි වන්නේ ඉදිරියේ දී බවයි.

 

ඉන්දියාවේ, ඇමරිකාවේ සහ එංගලන්තය පැතිර යන ඩෙල්ටා ප්‍රභේදය භයානක ප්‍රභේදයක් බැවින් එය අප රට තුළ පැතිර යාම වළක්වා ගැනීමට ගුවන්තොටුපල වරාය වැනි ස්ථාන වඩාත් සුපරීක්ෂාකාරීව කටයුතු කළ යුතු බවටයි ඇය පෙන්වා දෙන්නේ.

 

විශේෂයෙන්ම ධීවර කටයුතු වල නිරත වන්නන් විසින් ඉන්දීය ධීවරයින් සමඟ සම්බන්ධ නොවී සිටීම තුළින්ද මෙම වෛරසය රට තුළට ඇතුළුවීම වළක්වා ගත හැකි බවට විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

 

 

views

1395 Views

Comments

arrow-up