යුරෝපීය පාර්ලිමේන්තුවේ යෝජනාව ගැන රජය පිළිතුරු දෙයි - තියෙන චෝදනා බොරු
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
15

යුරෝපීය පාර්ලිමේන්තුවේ යෝජනාව ගැන රජය පිළිතුරු දෙයි - තියෙන චෝදනා බොරු

යුරෝපීය පාර්ලිමේන්තුවේ යෝජනාව ගැන රජය පිළිතුරු දෙයි - තියෙන චෝදනා බොරු

පසුගියදා යුරෝපීය පාර්ලිමේන්තුව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත කරගත් යෝජනාව පිළිබදව කනගාටුව පළ කරන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

 

එම අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යන කරුණ පෙන්වාදෙමින් සම්මත කරගෙන ඇති යෝජනාවේ ඇති ඇතැම් සාවද්‍ය කරුණු බවයි

 

තම රට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගෙන ඇත්තේ දරුණු ත්‍රස්තවාදී ක්‍රියාවන්ට විසඳුම් සෙවීමට පමණක් බව විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

 

රට තුළ පෙන්නුම් කරන ලද ප්‍රගතිය පිළිබඳව අවබෝධයක් ලබාගනිමින් ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාවට සහායවීම යුරෝපා සංගමයෙන් අපේක්ෂා කරන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි. 

views

945 Views

Comments

arrow-up