කුඩා දැරියක් යොදාගෙන කල රන් භාණ්ඩ හොරකම

පිටකොටුව හෙට්ටිවීදියේ ඇති ස්වර්ණාභරණ වෙළෙඳ සැලක තිබී රුපියල් 275,000ක් පමණ වටිනා රන් මාලයක් සොරකම් කළ පුද්ගලයින් පිරිස සොයා ගැනීමට පොලිසිය මහජන සහය පතයි.
ස්වර්ණාභරණ මිලදී ගන්නා මුවාවෙන් පසුගිය 22වන දා මෙම වෙළඳසැලට පැමිණි යුවළක් කුඩා දැරියක් යොදවා මෙම රන්මාලය සොරකම් කරගෙන ඇත.
සොරකම සිදු වෙන ආකාරය වෙළෙඳ සැලේ සවිකර තිබූ CCTV කැමරාවල පටිගත වී තිබුණි.
මෙහි සිටින සැකකරුවන් පිළිබඳව යම් තොරතුරක් ඇත්නම් පහත දුරකථන අංක වලට දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලයි.
ස්ථානාධිපති පිටකොටුව 071-8591555
පිටකොටුව පොලිස් ස්ථානය 011-2320734
7018 Views
Comments