ලෙඩුන් ලෙඩ කරවන කුරුණෑගල රෝහල

කුරුණෑගල ශික්ෂණ රෝහලේ දහනාගාරයක් අක්‍රියවීමෙන් රෝහල් භූමිය තුළ සායනික අපද්‍රව්‍ය ගොඩගැසීමෙන් ප්‍රතිකාර ලබාගැනීමට රෝහලට පැමිණෙන ජනතාව දැඩි අපහසුතාවයකට පත්ව තිබේ.
කුරුණෑගල ශික්ෂණ රෝහල සතුව දහනාගාර දෙකක් තිබෙන අතර ඉන් එකක චිමිනිය මීට මාස කිහිපයකට පෙර කඩා වැටීමෙන් එය භාවිතයට ගැනීමට නොහැකි තත්වයකට පත්වී ඇත.
වසර පහළොවක් පමණ පැරණි දහනාගාරයක් මෙලෙස කඩා වැටී ඇති අතර දැනට ක්‍රියාත්මක වන්නේ මෑතකදී ඉදිකරනු ලැබූ දහනාගාරය පමණි.
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ශල්‍යාගාර, වාට්ටු සහ කොවිඩ් ඒකකවලින් දෛනිකව ටොන් එක හමාරක පමණ සායනික අපද්‍රව්‍ය නිකුත් කරන බව රෝහල් වාර්තා පවසයි.
එලෙස බැහැර කළ සායනික අපද්‍රව්‍ය සහිත ඉටි මළු දහනාගාරය අවට ගොඩ ගසා තිබෙන අයුරු දැකගත හැකිය.
සායනික අපද්‍රව්‍ය ගොඩ ගැසීමට රෝහල් භූමියෙහි ඉඩ ප්‍රමාණවත් නොවීමෙන් ජයන්තිපුර පාරේ පිහිටි අතහැර දමන ලද පැරණි වෛද්‍ය නිල නිවාස තුළද අපද්‍රව්‍ය තැන්පත් කර තිබේ.
712 Views
Comments