ආධුනික කොස්තාපල්වරිය බදාගත් ගන්දර අමුතු ඕ.අයි.සී.ගේ කැරැට්ටුව එළියට..අත හිත මාතර තරුණ දේශපාලඥයකුගෙන් - වීර⁣සේකරගෙත් නෑදෑයොලු..
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
29

ආධුනික කොස්තාපල්වරිය බදාගත් ගන්දර අමුතු ඕ.අයි.සී.ගේ කැරැට්ටුව එළියට..අත හිත මාතර තරුණ දේශපාලඥයකුගෙන් - වීර⁣සේකරගෙත් නෑදෑයොලු..

ආධුනික කොස්තාපල්වරිය බදාගත් ගන්දර අමුතු ඕ.අයි.සී.ගේ කැරැට්ටුව එළියට..අත හිත මාතර තරුණ දේශපාලඥයකුගෙන් - වීර⁣සේකරගෙත් නෑදෑයොලු..

නිල ඇඳුමින් සිටි අධුනික පොලිස් කොස්තාපල්වරියකට ලිං ගි ක අ ත ව ර කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කර සිටි ගන්දර පොලිස් ස්ථානාධිපති අර්ජුන විජේසිංහ නමැත්තා ලබන ජනවාරි 10 වැනිදා දක්වා තවදුරටත් බන්ධනාගාර ගත කරන ලෙස මාතර මහෙස්ත‍්‍රාත්වරයා ඊයේ (28) නියෝග කළේය.

 

සාක්ෂිකරුවන්ට දැඩි බලපෑම් එල්ල කරන බවට තොරතුරු ලැබී ඇති බැවින් සැකකරු තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස පොලීසිය කළ ඉල්ලීමට අනුව මහෙස්ත‍්‍රාත්වරයා සැකකරු තවදුරටත් රිමාන්ඩ් කිරීමට නියෝග කර ඇත.

 

ගන්දර පොලිසියේ රාජකාරි කරමින් සිටි ආධුනික පොලිස් නිලධාරිනියක තම නිල නිවසට ගෙන්වාගෙන ඇයට බලහත්කාරයෙන් ලිං ගි ක අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එහි ස්ථානාධිපතිවරයා අත් අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර තිබිණි.

 

ඊයේ පෙරවරුවේ මාතර අධිකරණය හමුවේ මෙම නඩුව විභාග කළ අතර එහිදී සැකකාර නිලධාරියා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඔහුට ඇප ලබා දෙන ලෙස ඉල්ලා සිටියහ.

 

එහෙත් මහෙස්ත‍්‍රාත්වරයා සැකකරු නැවත රිමාන්ඩ් කිරීමට නියෝග කළේය.

 

ගන්දර OIC ගේ මෙම ක්‍රියා කලාපය අද ජාතික පුවත්පතක් වාර්තා කර තිබුණේ මෙලෙසිනි,

 

ගන්දර පොලිසියේ OIC ප‍්‍රධාන පොලිස් පරීක්ෂක නලින්ද අරවින්ද අර්ජුන විජේසිංහ නමැත්තා අසාමාන්‍ය මෝල් අමාරුකාරයෙකි.

 

ඔහු පසුගියදා ස්වකීය පොලිස් නිල නිවාසය තුළදී ආධුනික පොලිස් කාන්තාවකට බලහත්කාරකම් කර ඇය දූ ෂ ණ ය කරන්නට තැත් කළේය. එහෙත් පොලිස් නිවස්නයෙන් පැනගත් පොලිස් කාන්තාව ඉතා කදිම ලෙස මොළය පාවිච්චි කර ගැළවුණා පමණක් නොව පසුව ඒ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක්ද කර ඇත. මේ යෝදයා මේ වනවිට රිමාන්ඩ් භාරයේ පසුවෙයි.

 

පොලිස් කාන්තාවගේ මුල්ම පත්වීම ගන්දර පොලිසියයි. ඇය වැඩ බාරගෙන මාස තුන හතරකට වඩා ගතවී නැත. ගන්දර පොලිස් පරිශ‍්‍රයේ පිහිටා ඇති පොලිස් භට නිවාසයේ පදිංචි ඇය නත්තල් දවසේ උදෑසන සේවා මුරය නිමකර පැමිණ ඇඳුම් සෝදා වැලේ වනමින් සිටියාය. එවිට ඇයට පේන මානයේ පිහිටි පොලිස් ස්ථානාධිපති නිල නිවසේ සිටි ප‍්‍රධාන පොලිස් පරීක්ෂක අනංගයා ඇයට කතා කළේය.

 

තම ප‍්‍රධානියා රාජකාරියක් වෙනුවෙන් අඬගසන බව සිතූ පොලිස් කාන්තාව අනංගයාගේ නිල නිවසට ගිය අතර ඔහු වහා පැන කසිප්පු බූලි දෙකක් රැගෙන දිව යන කසිප්පුකාරයකු බදා ගන්නා පරිදි පොලිස් කාන්තාව බදාගෙන ඇයට ලිං ගි ක හිරිහැර කිරීමට පටන්ගෙන ඇත.

 

මෙය උදේ ඉර පායන වෙලාවට මෝල් අමාරුව තද වීමෙන් හටගන්නා සංකූලතාවක් ලෙස විග‍්‍රහ කළ හැකි නමුදු පොලිසියක් තුළ උසස් පොලිස් නිලධාරියකු විසින් තමා යටතේ සිටින පොලිස් කාන්තාවකට කළ අතවරයක් නිසා කිසිසේත්ම සුළුකොට තැකිය යුතු නොවේ.

 

ගන්දර පොලිස් අනංගයා පොදුජන එක්සත් පෙරමුණේ මාතර දිස්ත‍්‍රික් මන්ත‍්‍රී කංචන විජේසේකරගේ දැඩි බලපෑම මත පොලිස් ස්ථානාධිපති තනතුර ලබාගෙන ඇතැයි දැනගන්නට තිබේ.

 

ඒ මදිවට මේකා පොලිස් ඇමැති සරත් වීරසේකරගේ ඥාතියෙක්ලූ.

 

ගන්දර අනංගයා විවිධ හුට පට නිසා තුන් වරක් ඉන්ටර්ඩික් කරන ලද්දෙකි.

 

 

sorce:- hari gossips

views

1548 Views

Comments

arrow-up