අඬ නිරුවත් රුවෙන් වශී කරන් ගණිකා සේවය සැපයූ මීගමුවේ හොර "ස්පා" තුනක් දැලේ

මීගමුව ප්‍රදේශයේ සිදු කරන ලද විශේෂ වැටලීමකදී සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් හොර රහසේ පවත්වා ගෙන ගිය ගණිකා මධ්‍යස්ථාන තුනක් ගණිකා වෘත්තියෙහි නිරත වූ කාන්තාවන් 10 සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් උපාය දූතයින් දමමින් මෙම මෙහෙයුම සිදු කොට ඇති අතර මෙම ගණිකා නිවාස පවත්වා ගෙන ගොස් ඇත්තේ මීගමුව කනත්ත පාර,කට්ටුව සහ සීදුව පාර ප්‍රදේශයන් වලය.
මේ අතර වයස අවුරුදු 22 සිට 39 දක්වා වූ තරුණියන් සහ කාන්තාවන් සිටින බවත් ඔවුන් හලාවත,තලාව,කතරගම ,මීගලෑව,ගල්ගමුව ,වීරවිල හා ලුණුගල යන ප්‍රදේශයන් වල පදිංචි අය බවද පොලිසිය කියා සිටිනවා.
මොවුන්ගෙන් බහුතරයක් අලෙවි වී ඇත්තේ අන්තර්ජාලය හරහා වන අතර මොවුන්ගේ අඬනිරුවත් ජායාරූප වෙබ් වල දමමින් මෙලෙස පුද්ගලයින් වසඟ කොට ඇති බවයි වාර්තා වන්නේ.
5334 Views
Comments