"ශ‍්‍රි ලංකාව මැටි රොටි කන, ලේ බොන අප්‍රිකානු රටක් බවට පත් වෙමින් තිබෙනවා" - මැදගොඩ හිමි

දකුණු අප්‍රිකානු කලාපයේ සමහර රටවල දේශපාලන සමාජ ආර්ථික තත්වයට ශ්‍රී ලංකාවද අනුවර්තනය වෙමින් පවතින බව ආචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පැවසූහ.
මැටි රොටී කන, සතුන්ගේ ලේ බොන සමහර රටවල් එම කලාපයේ ඇති බවත් ජනතාව කුසගින්නේ සිටින රටවල් එම කලාපයේ ඇති බවත් සඳහන් කල වහන්සේ ශ්‍රී ලංකාවද මේ ගමන් කරමින් තිබෙන්නේ එම දිසාවට බවද කියා සිටියහ.
ජීවත්වීමට ක්‍රමයක් නොමැතිව වැහරලි ඇදගෙන අපිරිසිදුවට සිටින මිනිසුන් ඒවායේ ඕනෑතරම් සිටින බවද උන්වහන්සේ කීහ.
අපේ රටද දවසින් දවස එතනට ළඟා වෙමින් ඇතැ උන්වහන්සේ සඳහන් කළහ.
“තවත් කාලයක් යනකොට අපේ රටට වෙන දේ හිතාගන්නවත් බැරි වෙයි. ටික කාලෙකින් අපේ රට අන්ත අසරණ අප්‍රිකානු රටක් බවට පත්වෙයි. එළවළු බෑග් එකක් ගේන්න සල්ලි බෑග් එකක් පොළට අරන් යන්න වෙයි.”
උත්සවයක් අමතමින් උන්වහන්සේ මෙම අදහස් පළ කළහ.
807 Views
Comments