FEB
16
ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ඇන්ටිජන් කට්ටල ලක්ෂයක්

හිඟයකින් තොරව මෙරටට අවශ්‍ය ඖෂධ ආනයනය කිරීමට පියවර ගැනෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
ඒ සඳහා විශේෂයෙන් ඉන්දියාවෙන් ලැබෙන සහය අගය කරන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස්වරයා හමුවේ පැවසීය.
ඉන්දියානු රජයේ පරිත්‍යාගයක් ලෙස ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල 100,000 ක් මෙරටට ලබාදීම නිමිත්තෙන් ඊයේ (15) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති වැඩසටහනකදී අමාත්‍යවරයා මේ බව පෙන්වා දුන්නේය.
600 Views
Comments