තැපැල් දෙපාර්තමේන්තුවේ සේවක හිඟය හේතුවෙන් තැපැල් කාර්යාල වැසී යාමේ අවදානමක්

තැපැල් දෙපාර්තමේන්තුවේ පවතින සේවක හිඟය හේතුවෙන් විශාල තැපැල් කාර්යාල ප්‍රමාණයක් වැසී යාමේ අවදානමක් මතුව ඇත.
එම දෙපාර්තමේන්තුව තුළ මේවන විට ස්ථානාධිපතිවරුන්ගේ සහ සාමාන්‍ය තැපැල් සේවකයින් 1,600 කගේ පමණ හිඟයක් පවතින බව වාර්තා වේ.
සමස්ත කාර්ය මණ්ඩලය 6,000කට ආසන්නව සිටිය යුතු වුවද වර්තමානයේ එම සංඛ්‍යාව 4,000ක් පමණ වේ.
2018 වසරේ සිට සේවකයින් බඳවාගැනීමට අවසර ඉල්ලා තිබුණත් මෙතෙක් රජයේ පාර්ශවයෙන් ඊට අනුමැතිය හිමිව නොමැති බව සඳහන්වේ.
එම හිඟයට තාවකාලික විසඳුමක් ලෙස විශ්‍රාමික තැපැල් නිලධාරීන් 500ක් කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමට යෝජනා වුවද එයද ක්‍රියාත්මක වී නොමැති බව තැපැල් සේවකයින් කියයි.
මෙවැනි තත්වයක් හමුවේ මෙම වසර තුළ රුපියල් කෝටි 900ක ආදායමක් ඉපයිය යුතු බවට වන ඉලක්කය සම්පුර්ණ කිරිම ගැටලු සහගත තත්ත්වයකට පත්ව ඇතැයි වාර්තාවේ.
715 Views
Comments