ප්‍රදේශ කිහිපයකට වළාකුලින් බර අහසක් සමඟ වැසි සහිත කාලගුණයක්

උතුරු සහ නැගෙනහිර පළාත්වල අහස වලාකුළින් බරව පවතී.
උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
කන්කසන්තුරයේ සිට ත්‍රිකුණාමලය, මඩකලපුව සහ හම්බන්තොට හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ. කන්කසන්තුරයේ සිට මන්නාරම සහ පුත්තලම හරහා කොළඹ දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (45-50) පමණ දක්වා වැඩි විය හැක.
කන්කසන්තුරයේ සිට මන්නාරම සහ පුත්තලම හරහා කොළඹ දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.
736 Views
Comments