2020 දී විදේශ සේවා නියුක්තිකයින්ගේ මෙරටට දැවැන්ත දායකත්වයක්

විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ 2020 වසර තුළ දී ඒක්සත් ජනපද ඩොලර් මිලියන 7,104 දක්වා ඉහල ගොස් තිබෙනවා . මෙය 2019 වසරේ දී ඩොලර් මිලියන 6,717 ක් ලෙසින් වාර්තා වේ.
2020 වසරේ ජූනි මාසයේ සිට දක්නට ලැබුණු වැඩිවීම මඟින් 2020 වසරේ දී සියයට 5.8ක වාර්ෂික වර්ධනයක් වාර්තා කර තිබෙනවා
විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ 2020 වසරේ දෙසැම්බර් මාසයේ දී වාර්තාගත ලෙස ඉහළ ගියේය. 2020 වසරේ දෙසැම්බර් මාසයේ දී ප්‍රේෂණ පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව ඒක්සත් ජනපද ඩොලර් මිලියන 813 දක්වා සියයට 22.2 කින් වර්ධනය විය.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (12) දින ප්‍රකාශයට පත් කරන ලද 2020 දෙසැම්බර් මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්ව වාර්තාවෙහි මේ බව සඳහන් වේ.
557 Views
Comments