පැණි වළල්ලක් කෑ දැරියට අමානුශික ලෙස පහර දෙයි. මියගිය දැරියගේ සිරුර අතහැර දැමූ මැණික් පතලකට දමයි. ප්‍රධාන සැකකරුට බිරින්ඳෑවරු තිදෙනෙක්.

පසුගිය ජූලි මාසයේ කාන්තාවක් මැල්සිරිපුර පොලීසියට පැමිණිලි කර තිබුණේ කැලණිය ප්‍රදේශයේ දී පුද්ගලයෙකු තම දරුවා පැහැර ගෙන ගොස් ඇති බවයි.
අදාළ කාන්තාව පිළිබඳව සැක සිතුනු සිද්ධිය පිළිබඳ පරීක්ෂණ සිදු කළ රත්නපුර-දෙල්වල පොලීසිය ඇයගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් සිදු කර ඇත.
එහිදී අනාවරණය වී තිබෙන්නේ මෙම කාන්තාව තවත් පුද්ගලයෙකු සමග අනියම් සබඳතාවක් පවත්වා ඇති බවයි.
එම පුද්ගලයා විවාහක පුද්ගලයෙකු බවත් විවාහක බිරිඳට අමතරව මිය ගොස් සිටින දැරියගේ මව මෙන්ම තවත් කාන්තාවක් ද අනියම් බිරිඳවල් ලෙස තබා ගෙන ඇත.
ඔවුන් සියලු දෙනා ම රත්නපුර - උඩදෙල්වල - ගඟපහල ප්‍රදේශයේ එකම නිවසක රැඳී සිට ඇත.
පසුගිය මැයි මාසයේ දිනක සැකකාර පුද්ගලයාගේ අනියම් බිරිඳ නිවසට රැගෙන ආ පැණි වළල්ලක් දැරිය ආහාරයට ගත් අවස්ථාවේදී සැකකරු දැරියට අමානුෂික ලෙස පහර දී තිබේ.
පහර කෑම හේතුවෙන් දැරිය අසාධ්‍ය තත්ත්වයට පත්ව සිටියදී නීති විරෝධී මත්පැන් වැටලීම් සඳහා තමා සොයා පොලිසියට පැමිණෙන බැවින් දැරිය රැගෙන කැලයට යන අනියම් සැමියා දැරියගේ මවට පවසා තිබේ.
ඒ අනුව ඇය දැරිය රැගෙන කැලයට ගොස් ඇති අතර එහි දී දැරිය තම උකුල මත මිය ගිය බව දැරියගේ මව පොලිසියට ප්‍රකාශ කර ඇත.
පසුව අනියම් සැමියා දරුවාගේ සිරුර පොහොර උරයක දමා අතහැර දමා තිබූ මැණික් පතලකට දමා ඇත.
ඊට සැකකරුගේ නීත්‍යානුකූල බිරිඳ මෙන්ම තමන් ද සහය වූ බව දැරියගේ මව පාපොච්චාරණය කර තිබේ.
එම අවස්ථාවේ දී එම ස්ථානයට කවුරුන් හෝ පැමිණේ දැයි ඔත්තු බලා ඇත්තේ සැකකරුගේ අනෙක් අනියම් බිරිඳයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දැරියගේ මව සහ ඔත්තු බැලූ ප්‍රධාන සැකකරුගේ අනියම් බිරිඳ මෙම මස 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට රත්නපුර අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
මේ වන විට ප්‍රදේශයෙන් පළා ගිය ඝාතනය සිදුකළ පුද්ගලයා සහ අනෙක් කාන්තාවක් අතඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 03ක් යොදවා තිබේ.
ඝාතනයට ලක් වූ සත් හැවිරිදි දැරියගේ සිරුර හෙට (11) දිනයේ ගොඩ ගැනීමට නියමිතය.
310 Views
Comments