සති 3න් රනිල්ට ජනාධිපති වෙන්න පුළුවන්නම් අපිට බැරි ඇයි?” - සංවත්සරය සමරමින් මෛත්‍රී අසයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
03

සති 3න් රනිල්ට ජනාධිපති වෙන්න පුළුවන්නම් අපිට බැරි ඇයි?” - සංවත්සරය සමරමින් මෛත්‍රී අසයි

සති 3න් රනිල්ට ජනාධිපති වෙන්න පුළුවන්නම් අපිට බැරි ඇයි?” - සංවත්සරය සමරමින් මෛත්‍රී අසයි

බින්දුවට වැටී සිටි රනිල් වික්‍රමසිංහට ජනාධිපති විය හැකි නම් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට යළි නැගී සිටීමේ නොහැකියාවක් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.

 

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී ඊයේ02) පැවති එම පක්ෂයේ 71 වන සංවත්සරය සැමරුම් උත්සවය අමතමිනි.


රටේ පවතින තත්වය අනුව ළඟදීම කුමන හෝ මැතිවරණයක් පැවැත්වීමේ ලකුණු ඇති බවත් ඉදිරි ආණ්ඩුවක් පිහිටුවීමේ වැඩිම වාසිය ඇත්තේ ශ්‍රී.ල.නි.පය ප්‍රමුඛ සන්ධානයකට බවත් හෙතෙම සඳහන් කළේය.

 

ආණ්ඩු පක්‍ෂය නියෝජනය කළ මන්ත්‍රීවරුන් 42 දෙනෙකුට විපක්‍ෂයේ අසුන්ගැනීමට හා ස්වාධීනවීමට සිදුව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතරය රට වෙනුවෙන් එකතු වී වැඩකිරීමට සූදානම් නොමැති නිසා යැයිද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

views

201 Views

Comments

arrow-up