අරගල ක්‍රියාකාරිකයින් 11කට අධිකරණයෙන් ඇප

අග්‍රාමාත්‍ය කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වී එහි දේපළවලට හානි කිරීමේ සිද්ධියක් සම්බන්ධව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයකු වූ පියත් නිකේෂල හා බලංගොඩ කාශ්‍යප හිමියන් රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ නියෝග කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකපිට අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් විසින් මෙම නියෝගය නිකුත් කෙරුණි.
මේ අතර ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළු වීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ධානිෂ් අලි ඇතුළු සැකකරුවන් 07 දෙනෙකු ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම් කර සිටින ළහිරු වීරසේකර හා තවත් සැකකරුවෙක් අධිකරණයට අද ඉදිරිපත් වීමෙන් පසු ඔවුන් ද රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත මුදාහැර ඇත.
229 Views
Comments