නානුඔය අඹේවෙල ජලාශයේ පාවෙන ගෝන මළ සිරුරු පරිසරයට දැඩි තර්ජනයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
20

නානුඔය අඹේවෙල ජලාශයේ පාවෙන ගෝන මළ සිරුරු පරිසරයට දැඩි තර්ජනයක්

නානුඔය අඹේවෙල ජලාශයේ පාවෙන ගෝන මළ සිරුරු පරිසරයට දැඩි තර්ජනයක්

හොර්ටන්තැන්න රක්ෂිතයේ සැරිසරන ගෝනුන් විශාල පිරිසකගේ සිරුරු නානුඔය අඹේවෙල ජලාශයේ පාවෙමින් ඇතැයි එම ජලාශයේ ධීවර කටයුතුවල නියැළි ධීවරයෝ කියති. 

 

සතියකට ගෝනුන් දස දෙනෙකු පමණ ජලාශය තුළ මියයන බව ඔවුහු පෙන්වා දුන්හ.

 

අඹේවෙල ප්‍රදේශයේ දඩයම්කරුවන් කිහිපදෙනකු විසින් ඇති කර අත්හැර දමා ඇති දඩයම් සුනඛයන් රැසක් හොර්ටන්තැන්න සිට ආහාර සහ ජලය සොයා පැමිණෙන ගෝනුන් සපා කා ජලාශය තුළට පන්නා දමන බවත්, ඉතා ගැඹුරු අඹේවෙල ජලාශයේ එසේ පන්නා දමන ගෝනුන් ගිලී මියයන බවත් ජලාශයේ ධීවර කටයුතුවල නියළෙන ධීවරයෝ පැහැදිලි කළහ.

 

කුඩා පැටවාගේ සිට හොඳින් වැඩුණු ගෝනුන් රැසකගේ සිරුරු මේවන විට අඹේවෙල ජලාශය මත නරක් වී පාවෙමින් ඇති බවත් පවත්නා තත්ත්වය මත එම ජලාශයේ පරිසර විනාශයක්ද සිදු වී ඇති බවටත් ධීවරයෝ චෝදනා කළහ. 

 

අඹේවෙල ජලාශයෙන් නිකුත් කරනු ලබන ජලය වැලිමඩ, රෙන්දපොළ සහ තලවකැලේ ප්‍රදේශයේ පානීය ජලය සහ වගා කටයුතු සඳහා භාවිත කරන බවත්, මේ පිළිබඳ වනජීවී නිලධාරීන් දැනුවත් කර තිබුණද ඊට මෙතෙක් එම නිලධාරීන් කිසිදු පියවරක් ගෙන නොමැති බවටත් ඔවුහු මැසිවිලි නැඟූහ.

 

පවත්නා තත්ත්වය මත ජලාශයේ දැඩි දුගන්ධයක් හමන බවත්, ගෝනුන් දඩයම් කර මරා දමන සුනඛයන් අල්ලා වෙනත් ප්‍රදේශයකට කඩිනමින් රැගෙන යෑමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් අඹේවෙල ජලාශයේ ධීවරයෝ වනජීවී නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.

views

221 Views

Comments

arrow-up