ආණ්ඩුවේ මර්දන සැලසුම් ගැන ස්ටාලින්ගේ අනතුරු ඇඟවීම සැබෑ වේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
20

ආණ්ඩුවේ මර්දන සැලසුම් ගැන ස්ටාලින්ගේ අනතුරු ඇඟවීම සැබෑ වේ

ආණ්ඩුවේ මර්දන සැලසුම් ගැන ස්ටාලින්ගේ අනතුරු ඇඟවීම සැබෑ වේ

 

අරගලකරුවන් මර්දනය කිරීම සදහා ත්‍රස්ත නීති යොදා ගැනීමේ ආණ්ඩුවේ සැලසුමක් සම්බන්ධයෙන් දිවයිනේ ප්‍රමුඛතම ගුරු සංගම් නායකයෙක් අනතුරු අඟවා පැය කීපයක් ඇතුලත අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ඇතුළු තිදෙනකු රැඳවුම් නියෝග යටතේ සිරගත කොට තිබේ.

 

ජනතාවට සහන සලසන ලෙස බලකරමින් උද්ඝෝෂණයක නිරතව සිටියදී පෙරේදා (18)  අත්අඩංගුවට ගන්නා ලද වසන්ත මුදලිගේ, ගල්වැව සිරිධම්ම හිමි සහ හාෂාන්ත ජීවන්ත ගුණතිලක ද පසුගිය අප්‍රේල් 9 වැනි දා සිට අරගලයේ සිදු වූ සිදුවීම්වලට අදාලව රැඳවුම් නියෝග යටතේ, රඳවා තබා විමර්ශනය කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය  ජනමාධ්‍ය වෙත පවසා තිබේ.

 

ඒ සමග අල්ලාගන්නා ලද තවත් 16 දෙනකු කොටුව මහේස්ත්‍රාත් උසාවිය විසින් අගෝස්තු 19 වැනි සිකුරාදා ඇප මත මුදා හැර තිබේ.

 

අරගලකරුවන් සමග දිගටම විරෝධතා පැවැත්වූ රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමිගේ විදෙස් ගමන් තහනම් කිරීමටද කොටුව අතිරේක මහේස්ත්‍රාත් ටී.එන්.එල් ඉලංගසිංහ එහිදී නියෝග කළේ ය.

views

195 Views

Comments

arrow-up