“උඹ බඳින්න එපා” - සජබ පක්ෂ කාර්යාලයේදී වෙඩි වැදී මියගිය තරුණියගේ තොරතුරු රැසක් එළියට
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
03

“උඹ බඳින්න එපා” - සජබ පක්ෂ කාර්යාලයේදී වෙඩි වැදී මියගිය තරුණියගේ තොරතුරු රැසක් එළියට

“උඹ බඳින්න එපා” - සජබ පක්ෂ කාර්යාලයේදී වෙඩි වැදී මියගිය තරුණියගේ තොරතුරු රැසක් එළියට

මෙම වෙඩි වැදීමෙන් මියගොස් තිබෙන්නේ 36 හැවිරිදි සකුන්තලා වීරසිංහ නැමැති කාන්තාවක් බව පොලිසිය හඳුනාගෙන ඇත.

 

කෑගල්ල සමගි ජනබලවේග පක්ෂ සංවිධාන කාර්යාලය තුළදී පෙරේදා(01) වෙඩි වැදී මරණයට පත් තරුණිය විවාහ වීමට සූදානම් වූ මොහොතේ ඇයට විවාහ නොවන ලෙසට දැනට රිමාන්ඩ් භාරයේ පසුවන අදාළ සංවිධායකවරයා තර්ජනය කර ඇතැයි තොරතුරු ලැබෙමින් පවතින බව කෑගල්ල පොලිසිය සිදුකරන විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

 

මෙම ප්‍රහාරය ඇයට එල්ල වූ දිනයේ සැකකරුගේ කාර්යාලයේ පසු වී ඇත්තේ මෙම තරුණිය සහ දැනට අත්අඩංගුවේ සිටින සැකකාර කෑගල්ල සජබ සංවිධායක පමණක් බවත් පොලිස් පරීක්ෂණ කණ්ඩායම්වලට අනාවරණය වී ඇත.

 

සැකකරුගේ කාර්යාලයේ සවිකර තිබූ ආරක්ෂක කැමරා පද්ධතියේ සටහන් වී තිබෙන දර්ශන අනුව මෙම දෙදෙනා හැර පිටස්තර පුද්ගලයෙකු මේ මොහොතේ කාර්යාලයට පැමිණ නැති බව පෙනී ගොස් තිබේ.

 

මෙම රිවෝල්වරයේ අයිතිකරු අනාවරණය කර ගැනීමට ද පොලිස් පරීක්ෂණ යොමු කර තිබේ.

 

“උඹට මම විවාහ වෙන්න ඉඩ තියන්නේ නැහැ” කියමින් අදාළ තරුණියට තර්ජනය කිරීමේ සිද්ධිය පිළිබඳව ඇගේ පවුලේ උදවිය පවා පොලිසියට දැනුම් දීමක් කර ඇතැයි පොලිසිය කියයි.

 

තවද සැකකරු සහ මෙම තරුණිය අතර සිදුකළ දුරකථන සබඳතා පිළිබඳව පොලිසිය කරුණු සොයා බලාගෙන යයි.

 

මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් කර ඇත.

 

සිද්ධිය පිළිබඳව වැඩිදුර පොලිස් පරීක්ෂණ සිදුකරගෙන යයි.

 

මෙම තරුණිය සැකකරු ළඟ වසර 16 ක පමණ කාලයක් සේවය කර ඇත.

views

514 Views

Comments

arrow-up