තෙල් ඇමතිගේ ප්‍රශ්නයට පිලිතුරු දෙමින් අනුර වාහනයට තෙල් ගහන හැටි හෙළි කරයි

තම පක්ෂයේ ඇති වාහන සඳහා තෙල් ලබා ගන්නා ආකාරය පිළිබදව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඊයේ(04) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදි අදහස් පල කලේය.
ඒ පෙරේදා පැවැති මාධ්‍ය හමුවකදී විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර නැගු ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙමිනි.
ඔහු පැවසුවේ පක්ෂ සාමාජිකයන් ඉන්ධනහල් තුළ පෝලිම්වල සිට ඉන්ධන ලබා ගන්නා බවත් කිසිම අවස්ථාවක මන්ත්‍රී වරප්‍රසාද භාවිත කරමින් ඉන්ධන ලබාගෙන නොමැති බවත්ය.
පාර්ලිමේන්තු මනත්‍රීවරුන්ට නාරාහේන්පිටින් තෙල් ලබාදුන් අවස්තාවේදී මීට දින කිහිපයකට පෙර පාර්ලිමේන්තුවෙන් තෙල් ලබාදීමට කථා කළ අවස්ථාවේදීත් තමන් එම අවස්ථා දෙකම ප්‍රතික්ෂේප කළ බවත් ඔහු පවසා සිටියේය.
කෙසේ වුවත් පසුගිය දින කිහිපයේදී කොලොන්නාව පර්යන්තයෙන් සුඛෝපභෝගි වාහන ඉන්ධන ලබාගෙන තිබුණ බවත් අමාත්‍ය කංචන විජේසේකර එම කරුණු පිළිබඳව අවධානය යොමුකළ යුතුව බවත් ඔහු සඳහන් කර සිටියේය.
302 Views
Comments