JUL
04
පාකිස්ථානයේ බස් රථයක් පෙරලෙයි - 19ක් මරු දකී

පාකිස්ථානයේ කදුකර ප්‍රදේශ වන රාවල්පින්ඩි සිට ක්වෙටා දක්වා ගමන් කරමින් තිබුනු බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 19 දෙනෙකු මියගොස් 14 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇත.
විදෙස් වාර්තා සදහන් කළේ පවතින වර්ෂා තත්වය නිසා මාර්ගය ලිස්සන සුළු ස්වභාවයක් ගෙන තිබූ අතර එහිදී බස් රථයේ රියදුරුට රතයේ වේගය පාලනය කර ගත නොහැකිව ප්‍රපාතයට පෙරළී ඇති බවයි.
226 Views
Comments