අද මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් සහ පෙට්‍රල් නිකුත් කරන්නේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
27

අද මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් සහ පෙට්‍රල් නිකුත් කරන්නේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණයි

අද මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් සහ පෙට්‍රල් නිකුත් කරන්නේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණයි

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් සහ පෙට්‍රල් නිකුත් කිරීම අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා පමණක් නිකුත් කිරීමට රජය තීරණය කර ඇති බව අද (27) පැවති රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ විශේෂ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවක් වෙත එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය .

 

 


කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ ඒ අනුව වරාය නැව් , සෞඛ්‍ය අංශ අත්‍යවශ්‍ය ආහාර බෙදාහැරීම් කෘෂිකාර්මික ද්‍රව්‍ය ප්‍රවාහනය ආදී අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාම  සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන  ලබාදෙන බව යි.

 

 


ඉන්ධන හිඟය නිසා බොහෝදුරට අන්තර් පළාත් ගමනා ගමනය නැවැත්වීමට සිදුවනු ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

views

308 Views

Comments

arrow-up