පරිසර අමාත්‍යංශයේ ලක්ෂ 960ක් අතුරුදන් - වහා විමර්ශනයක් කරන ලෙස ඇමතිගෙන් උපදෙස්

පරිසර අමාත්‍යාංශය මගින් විදෙස් අරමුදල් යටතේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියක් අවසානයේ ඉතිරි වූ රුපියල් මිලියන 96ක මුදලක් අතුරුදන් වීම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ට දැනුම්දී තිබේ.
වසරක කාලයක් ක්‍රියාත්මකවූ මෙම ව්‍යාපෘතිය අවසන්වී තිබෙන්නේ මීට මාස තුනකට පමණ පෙරය.
ව්‍යාපෘතිය අවසානයේ ඉතිරිවූ රුපියල් මිලියන 96ක මුදල ප්‍රචාරණ කටයුත්තකට වියදම් කළ බවට ව්‍යාපෘතියේ නිලධාරීන් පැවසුවද, එවැනි ප්‍රචාරණ කටයුත්තක් සිදුවී නොමැති බව පරිසර අමාත්‍යාංශයේ පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමකදී අනාවරණයවී තිබිණි.
වහාම මෙම ව්‍යාපෘතියට සම්බන්ධ නිලධාරීන්ගෙන් අදාළ මුදල් සම්බන්ධව නිදහසට කරුණු විමසා විමර්ශනයක් සිදුකරන ලෙසට පරිසර අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත.
676 Views
Comments