විදේශ රැකියා නියෝජිත ආයතන හිමිකරුවෙක් අත්අඩංගුවට

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නීති කඩකරමින් සම්මුඛ පරීක්ෂණ පැවැත් වූ රාජගිරිය ප්‍රදේශයේ විදේශ රැකියා නියෝජිතායතනයක හිමිකරුවෙකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
නෙදර්ලන්තයේ ඇපල් වතුවල කම්කරුවන් ලෙස සේවය කිරීම සඳහා යවන බව පවසමින් එම නියෝජිතායතනය විසින් සම්මුඛ පරීක්ෂණ සිදුකළ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේය.
1985 අංක 21 දරණ විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත අනුව, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පූර්ව අනුමැතියකින් තොරව, විදේශ රැකියා සඳහා අයදුම්පත් කැඳවීම හා ප්‍රචාරය කිරීම නොකළ යුතු වේ.
අදාළ රැකියා නියෝජිතායතනය නීත්‍යානුකූල ආයතනයක් වන නමුත් නෙදර්ලන්තයේ රැකියා ලබාදීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමත රැකියා ඇණවුමක් නොමැතිව සම්මුඛ පරික්ෂණ පවත්වා ඇති අතර, රැකියා ලබාදීම සඳහා රුපියල් 5,000 බැගින් අතිකාරම් මුදල්ද ගෙන ඇති බව වාර්තා වේ.
මේ පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට ලැබුණු තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වූ විමර්ශන නිලධාරීන් එම ස්ථානය වටලා තිබේ.
එම අවස්ථාව වන විට තුන්සීයකට ආසන්න පිරිසක් සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත්වීම සඳහා අදාළ ස්ථානයට පැමිණ තිබු අතර, මෙය නීතිවිරෝධි අයුරින් සිදුකරන කටයුත්තක් බවට තොරතුරු අනාවරණය වීමෙන් පසු ඔවුන් විසින් අදාළ රැකියා නියෝජිතායතනයේ හිමිකරුවන්ට පහරදීමට උත්සහ කිරීම හේතුවෙන් දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති වූ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේය.
313 Views
Comments