විදෙස් සංචාරකයින්ගෙන් ඩොලර් ගන්න අලු‍ත් වැඩක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
04

විදෙස් සංචාරකයින්ගෙන් ඩොලර් ගන්න අලු‍ත් වැඩක්

විදෙස් සංචාරකයින්ගෙන් ඩොලර් ගන්න අලු‍ත් වැඩක්

මෙරට ජාතික වනෝද්‍යාන නැරඹීමට පැමිණෙන විදේශීය සංචාරකයින්ට ඩොලර් මගින් ගෙවීම් සිදුකර ප්‍රවේශපත් ලබා ගැනීමේ පහසුකම් මෙම මාසයේ සිට ආරම්භ කරන බව වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය පවසනවා.

 

ඒ අනුව පළමුව යාල ජාතික වනෝද්‍යානයෙන් එම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවයි එම අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් පැවසුවේ.

 

රටේ ආර්ථිකයට ඩොලර් ඉපයීම අරමුණු කර ගනිමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නැයි වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර අමාත්‍යාංශ නිලධාරින්ට උපදෙස් ලබා දී තිබුණා.

 

මෙම දිනවල දෙස් විදෙස් සංචාරකයින් වැඩි වශයෙන් යාල වනෝද්‍යානය නැරඹීමට පැමිණෙනවා. ඔවුන්ගේ පහසුකම් වැඩි කිරීමේ වැඩපිළිවෙළක් ද  කඩිනමින් ආරම්භ කරන ලෙසයි අමාත්‍යවරයා ඉකුත්දා නිළධාරීන්ට දැනුම් දී ඇත්තේ.  

views

239 Views

Comments

arrow-up