JAN
04
බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස පහලට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස පහත වැටී තිබේ.
ලොව විශාලතම බලශක්ති පාරිභෝගිකයෙකු වන චීනයේ ඉල්ලුම පහත වැටිම, ගෝලීය ආර්ථිකයේ අඳුරු පැතිකඩ සහ ඩොලරය ශක්තිමත්වීම හමුවේ එලෙස බොරතෙල් මිල පහත වැටී ඇතැයි වාර්තා වේ.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලකයක මිල ඊයේ (03) දිනයේදී ඩොලර් 3.81කින් එනම් 4.4%කින් පහත වැටී ඇති අතර එම තෙල් බැරලයක මිල සටහන්වුයේ ඩොලර් 82.10ක් ලෙසිනි.
එමෙන්ම WTI බොරතෙල් බැරලයක මිලද ඊයේ 4.1%කින් පහත වැටුණු අතර එම තෙල් බැරලයක මිල ඩොලර් 76.93 ක් ලෙස සටහන්වුණි.
247 Views
Comments