බන්ධනගාරවල ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක බලඇණියක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
15

බන්ධනගාරවල ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක බලඇණියක්

බන්ධනගාරවල ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක බලඇණියක්

බන්ධනගාර ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් විශේෂ ආරක්ෂක බලඇණියක් බන්ධනාගාර පද්ධතියට බඳවා ගැනිම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය හා ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා අතර පැවති සාකච්ජාවකදි මේ පිළිබද සාකච්ජා විය.

බන්ධනගාර නිලධාරින් සේවයට ශක්තියක් ලබා දිය හැකි කණ්ඩායමක් ලෙස එම පිරිස බඳවා ගැනිමට යෝජිත අතර ඔවුන්ට සුවිශේෂි නිල ඇඳුමක් සහ විශේෂ පුහුණුවක් ලබාදිය යුතු බව ආරක්ෂක ලේකම් මේජර් කමල් ගුණරත්න මහතා සඳහන් කළේය.

ත්‍රිවිද හමුදාවේ සේවය කළ පිරිස් මෙන්ම තරුණ ශක්තිමත් පිරිස් මේ සඳහා ඒක්කර ගැනිමටත් ඔවුන්ට විශේෂ හමුදා පුහුණුවක් ලබාදිමටද මෙහිදි සාකච්ජා විය.

 

views

738 Views

Comments

arrow-up