හලාවත රෝහලේ කොරෝනා රෝගියෙක්

කොරෝනා වෛරසය ආසාධනය වූ බවට හදුනා ගෙන ඇති ආසාධිතයෙකු හලාවත, අඹකදවිල ගම්මානයෙන් අද (08) වැනිදා දහවල් හමු වී තිබෙනවා. හලාවත මහා රෝහලට වෙනත් රෝගයකට ප්‍රතිකාර ලබා ගැනීම සදහා පසුගිය 06 වෙනිදා ඔහු රෝහලට පැමිණ ඇත. එම අවස්ථාවේ සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණයක ප්‍රථිපල අද ලැබි ඇති අතර එහිදී ඔහු කොරෝනා ආසාධිතයෙකු බවට තහවුරු වී තිබෙනවා
එම පුද්ගලයා ප්‍රතිකාර සදහා ඉරණවිල පිහිටි කොවිඩ් ප්‍රතිකාර ඒකකයට යොමු කර තිබෙනවා
එම ආසාධිතයා ප්‍රදේශයේ දේවස්ථානයක සමීපතයෙකු ලෙසට හදුනා ගෙන ඇත. ඒ අනුව එම දේවාස්ථානයේ පියතුමන්ලා දෙදෙනෙකු ඇතුළු පවුල් 05 ක පිරිස් මේ වන විට ස්වයං නීරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර ඇත.
ආසාධිතයා ඇතුළු පිරිසක් පසුගිය සතියේ විනෝද චාරිකාවක් ගොස් ඇති බවත් එම චාරිකාවට එක්ව ඇති පිරිස සම්බන්ධයෙන්ද සෞඛ්‍ය නිලධාරීන්ගේ අවදානය යොමු වී ඇත.
760 Views
Comments