“මූඩීස් ශ්‍රේණිගත කිරීම තනිකරම මුලාවක් .” - අජිත් නිවාඞ් කබ්රාල්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
02

“මූඩීස් ශ්‍රේණිගත කිරීම තනිකරම මුලාවක් .” - අජිත් නිවාඞ් කබ්රාල්

“මූඩීස් ශ්‍රේණිගත කිරීම තනිකරම මුලාවක් .” -  අජිත් නිවාඞ් කබ්රාල්

මූඩිස්, අන්තර් ජාතික ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය මගින් ලංකාව, ණය ආපසු ගෙවීමේ හැකියාව අතින් ඉතාම දැඩි අවදානමක් ඇති රටවල් කාණ්ඩයට ඇතුළත් කර තිබේ. මීට පෙර ලංකාව පැවතියේ “බී ධන” ඛාණ්ඩයේ වන අතර, මේ වනවිට එය “සී” ඛාණ්ඩය දක්වා පහත හෙළා තිබේ.

 

මූඩිස් ආයතනය මෙසේ ලංකාව ශ්‍රේණිගත කිරීම් වලින් පහත හෙළීම මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල් මහතාගේ දෝෂ දර්ශනයට ලක්ව තිබේ.

 

මුදල් අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා පවසා ඇත්තේ, මූඩිස් ආයතනය කර ඇත්තේ වැරදි විශ්ලේෂණයක් බවයි.

 

වසර පහකට පසුව, ලංකාව දේශපාලනිකව ස්ථාවර තත්ත්වයට පත්ව ඇති බවත්, ඒ හේතුව මත ව්‍යාපාරික විශ්වාසය ඉහළ ගොස් ඇති බවත් පවසන රාජ්‍ය අමාත්‍යවරයා, එම කරුණු පිළිබදව සැලකිල්ලට ගැනීමට මූඩිස් ආයතනය අසමත්ව ඇති බව යෝජනා කරයි.

 

views

824 Views

Comments

arrow-up