ආණ්ඩුවේම සිටින පිරිසක් ආණ්ඩුව බිඳ වට්ටන කුමන්ත්‍රණයක? (VIDEO)
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
25

ආණ්ඩුවේම සිටින පිරිසක් ආණ්ඩුව බිඳ වට්ටන කුමන්ත්‍රණයක? (VIDEO)

ආණ්ඩුවේම සිටින පිරිසක් ආණ්ඩුව බිඳ වට්ටන කුමන්ත්‍රණයක? (VIDEO)

ආණ්ඩුවේ ප්‍රතිරූපයට බලවත් හානියක් සිදු කර ගනිමින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් රාජ්‍ය සමාගම් විගණනය නොකළ යුතු බවට ආණ්ඩුවේම ප්‍රභලයන් පිරිසක් දැඩි ස්ථාවරයක සිටිම්න් කටයුතු කිරීම පිළිබඳ සැකයක් මතු වන බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.

පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ රාජ්‍ය සමාගම් වල සිදුවූ වංචා සහ දූෂණ පිළිබඳව පරීක්ෂණ කරමින් සිටින අවස්ථාවක රාජ්‍ය සමාගම් විගණනය නොකළ යුතු බවට තීරණය කිරීම විපක්ෂයේ කොන්ත්‍රාත් ඉටු කරන පිරිසක් ආණ්ඩුව තුල සිටින්නේ දැයි ජනතාව ප්‍රශ්න කරන බවද එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.

ඊයේ (24) ජාජගිරිය ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මෙසේ ද පැවසීය.

” බොහෝ දෙනෙක් කියනවා අමාත්‍ය අලි සබ්රි මහතා රාජ්‍ය සමාගම් විගණනයට තදින්ම විරුද්ධ වන්නේ එම අංශ වල සභාපතිකම් ගන්න බලාගෙන සිටින ආණ්ඩුවට කිට්ටු වී සිටින පරණ හොරුන්ගේ බලපෑම් නිසා බව. නමුත් ඊට වඩා වෙනස් දෙයක් තියෙනවා. ඒ තමයි එම්.සී.සී ගිවිසුම. එම්.සී.සී .ගිවිසුමට අනුව ” එම්.සී.ඒ ශ්‍රීලංකා” නමින් පිහිටුවීමට නියමිත සමාගම අප රටේ සමාගම් පනත යටතේ ලියාපදිංචි කරන සමාගමක්. එම්.සී.සී ගිවිසුම අනුව එම සමාගම ශ්‍රී ලංකා නීතියට අනුව විගණනය කළ නොහැකියි. ඒ අනුව එම සමාගම් විගණනය කළ යුතු බවට ව්‍යවස්තාවෙන් ප්‍රතිපාදන පැනවුවහොත් එම්.සී.සී පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විට මහජනයාට අධිකරණයට යාමට හැකියාව ලැබෙනවා.”

ජාතික සංවිධාන එකමුතුවේ කැදවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර,විධායක සභික නීතිඥ කල්‍යානන්ද තිරානගම මහතා ඇතුළු පිරිසක් මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වීය.

 

 

views

1510 Views

Comments

arrow-up